October 15, 2024

9 වැනි පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වයක් දැක්වූ දේශපාලනඥයන් පස් දෙනෙකු හඳුනාගෙන තිබේ.

2020 අගෝස්තු මස ප්‍රථම වරට රැස්වූ 9 වැනි පාර්ලිමේන්තුව රැස්වීම් 390ක් පවත්වා 2024 සැප්තැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලදී.

එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් විස්තර කරන Manthri.lk වෙබ් අඩවියට අනුව, පාර්ලිමේන්තු කාලය තුළ වැඩිම දායකත්වයක් ලබා දුන් දේශපාලනඥයන් පස්දෙනා මෙසේ හඳුනාගෙන ඇත.

සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැස්වීම් 344කට සහභාගී වී ඇති අතර ආර්ථිකය සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන්
ඔහු වැඩි දායකත්වයක් දක්වා තිබේ.

අධ්‍යාපන අංශයට දායකත්වය දැක්වූ හිටපු අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත රැස්වීම් 358කට සහභාගී වී ඇත.

සමගි ජන බලවේගයේ සාමාජික බුද්ධික පතිරණ එම කාලය තුළ රැස්වීම් 307කට සහභාගී වූ බවත් වෙළඳ සහ කර්මාන්ත අංශ සම්බන්ධයෙන් වැඩි දායකත්වයක් දැක්වූ බවත් සටහන් වී ඇත.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල ද රැස්වීම් 383කට සහභාගී වී ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රය සඳහා සිය දායකත්වය දක්වා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මහින්දානන්ද අලුත්ගමගේ ද එම කාලය තුළ රැස්වීම් 292කට සහභාගී වී ඇත්තේ ආර්ථිකය සහ මුල්‍ය කටයුතුවලට දායකත්වය දෙමිනි.

 

42.31%
17.27%
32.76%