October 15, 2024

වාහන ගෙන්වීම විධිමත් ක්‍රමවේදයක් යටතේ සහ මෙරට ඇති විදේශ සංචිතවලට ගැටළු ඇති නොවන පරිදි පමණක් සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

වාහන ගෙන්වීමට අවසර දිය යුතුය යන ස්ථාවරයේ රජය සිටින බවද විජිත හේරත් සඳහන් කළේය.

“දැනට වාහන ගෙන්වීමට වැඩි ඉල්ලුමක් පවතිනවා. කළින් මෙම කාරණය ගැන කැබිනට් තීරණයක් තියෙනවා. නමුත් මේ දක්වා අපි බලයට පත් වූ පසු කිසිදු වාහනයක් ආනයනය කර නැහැ, තීරු බදු සහන සහිත වාහන ආනයනය කිරීමට ඉඩ දී නැහැ.”

කෙසේවෙතත් වාහන ආනයනය සම්බන්ධයෙන් රජය සිටින්නේ වාහන ගෙන්වීමට අවසර දිය යුතු නමුත්, නිසි ක්‍රමවේදයක් යටතේ පමණක්ය යන ස්ථාවරයේ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%