42.31%
17.27%
32.76%
October 15, 2024

2024 අගෝස්තු මාසය සඳහා කාර්මික නිෂ්පාදන ප්‍රමාණය 2023වසරේ එම මාසයට සාපේක්ෂව 1.2% කින් ඉහළ ගොස් තිබේ.

නවතම කාර්මික නිෂ්පාදන දර්ශක වාර්තාව නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ මාසික පරිමා වෙනස පිළිබඳ සළකා බලන විට එය 0.1% කින් ඉහළ ගොස් ඇති බවයි.

නිෂ්පාදන අංශයේ සමස්ත දර්ශකය ද 2023 අගෝස්තු මාසයේ 90.2% හා සසඳන විට 2024 අගෝස්තු මාසයේදී 91.3% දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, රෙදිපිළි නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදනය, ආහාර නිෂ්පාදන, කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන මෙම කාර්මික නිෂ්පාදනය ඉහළ යෑමට සැළකිව යුතු ලෙස දායක වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව පවසයි.

කෙසේවෙතත්, 2023 අගෝස්තු මාසයට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේදී බීම සහ දුම්කොළ නිෂ්පාදන නිෂ්පාදනය අඩු වී ඇත.

මේ අතර, 2024 අගෝස්තු මාසය සඳහා ජාතික මට්ටමේ නිල දරිද්‍රතා රේඛාව 2024 ජූලි මාසයේ රුපියල් 16,373ට සාපේක්ෂව රුපියල් 16,152 දක්වා සුළු අඩුවීමක් වාර්තා කර ඇත.

පෙර මාසයට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේදී වාර්තා වූ අඩු ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය හේතුවෙන් නිල දරිද්‍රතා රේඛාව අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

42.31%
17.27%
32.76%