October 15, 2024

බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහබැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහබැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවද මහබැංකු අධිපතිවරයා ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන ජනමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහබැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහබැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%