October 14, 2024

සිය මාපියන් ඝාතනය කිරීමේ වරදට වරදකාරියක වූ බ්‍රිතාන්‍යයේ එසෙක්ස් හි වර්ජිනියා මැකලෝ (Virginia McCullough) නමැති කාන්තාවකට වසර 36 ක සිරදඬුවමක් නියම කර තිබේ.

සිරදඬුවම නියම කරමින් අධිකරණයේ විනිසුරු ජොන්සන් ඇයට පැවසුවේ, “ඔබ මනුෂ්‍යත්වයට වඩා මුදල් ගැන සිතනවා” යනුවෙනි.

Virginia McCullough ගේ මව්පියන් වන Lois සහ John McCullough 2019 දී එසෙක්ස් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී ඝාතනය කර තිබූ නමුත් ඔවුන්ගේ සිරුරු 2023 වන තෙක් හමුනොවීය.

මව්පියන්ගේ මරණයෙන් පසුව ද ඔවුන්ගේ දියණිය වන Virginia McCullough දිගටම එම නිවසේ ජීවත් වූ අතර එහිදී ඇය තම පියාගේ දේහය සඳහා තාවකාලික සොහොනක් සාදා ඇගේ මවගේ මළ සිරුර ඇඳුම් ආයිත්තම් තබන අල්මාරියක සඟවා තබා ඇත.

සිය මව්පියන්ගේ සිරුරු සගවා තැබීමෙන් 36 හැවිරිදි McCullough, පවුම් 150,000 කට ආසන්න මුදලක් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ රහස් පරීක්ෂකයන් පවසන්නේ, ඔවුන් “විශාල වංචාවක් සහ පාවාදීම් ” අනාවරණය කරගත් බවයි.

මෙතරම් කුරිරු ලෙස සිදුකරන ලද මව්පියන්ගේ මරණයෙන් ඔවුන් විනාශයට පත් වූ බව Virginia McCullough ගේ පවුලේ අනෙකුත් සාමාජිකයෝ පවසති.

42.31%
17.27%
32.76%