October 14, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින් තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත්විය.

නායක චරිත් අසලංක පන්දු 35කදි ලකුණු 59ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 03ට ලකුණු 58ක්ව තිබියදි පිටියේ එක්වූ චරිත් සහ කමිදු හතරවැනි කඩුල්ලට ලකුණු 80ක පිතිකරණ සබදතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ⁣ට ඔසවා තැබූහ.

පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායමේ රොමාරියෝ ශෙෆර්ඩ් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 180ක් ලබාගනිමින් තරගය ජයගැනිමට සමත්විය.

කොදෙව් ඉනිමේදී පළමු කඩුල්ලට ලකුණු 107ක පිතිකරණ සබදතාවක් පැවැත්වීමට බ්‍රේන්ඩන් කිංග් (ලකුණු 63ක්) සහ එව්න් ලෙවිස් (ලකුණු 50ක්) සමත්වූහ.

මතීෂ පතිරණ කඩුලු 02ක් බිඳහෙළීය.

42.31%
17.27%
32.76%