October 13, 2024

හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙක් නිලනිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9ක් වේ.

ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

කිසිදු විශේෂත්වයකින් තොරව, රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%