October 13, 2024

දීර්ඝ කාලීනව පාර්ලිමේන්තුවේ සිටි දේශපාලඥයන් කිහිප දෙනෙකුම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරග නොකිරීම මේ වන විටත් කතාබහට ලක්ව තිබේ.

විශේෂයෙන්ම 1947න් පසු ප්‍රථම වතාවට රාජපක්ෂ පවුලේ කිසිවෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග නොකිරීම රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනයට විශාල පසුබෑමක් වන බවට ද මත පළ වී තිබේ.

දශක ගණනාවක් මුළුල්ලේම එම පවුලේ අය අතරින් අඩුම තරමින් එක් අයෙකුවත් පාර්ලිමේන්තුවේ සිටින බවට සහතික විය.

ඒ සියල්ල ආරම්භ වූයේ 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පළමු මහ මැතිවරණයට ඉදිරිපත් වී බෙලිඅත්ත ආසනය ජයගත් ඩී ඒ රාජපක්ෂගෙනි.

ඉන්පසුව 1952 සහ 1956 දී ඔහු සාර්ථකව තේරී පත් වූ නමුත් 1960 මාර්තු මාසයේදී ඔහුගේ ආසනය අහිමි විය.

එහෙත් එම වසරේ දෙවැනි වරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වූ බැවින් එම වසරේම ඔහුට ආසනය නැවත ලැබිණි.

ඩී.එම්. රාජපක්ෂගේ පුත්‍රයා වූ ජෝර්ජ් රාජපක්ෂ 1960 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව ඔහු ධීවර හා සෞඛ්‍ය ඇමතිවරයා ද විය.

ඩී.ඒ.රාජපක්ෂගේ පුත්‍රයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 1970 දී එම ආසනයෙන් තේරී පත් වූ අතර 1977 මැතිවරණයෙන් පරාජයට පත් විය.

ඉන්පසුව ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ නිසා හැර සියලුම පාර්ලිමේන්තු මැතිවරණවලදී දකුණෙන් නැවත නැවතත් තේරී පත් විය.

42.31%
17.27%
32.76%