October 13, 2024

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් නාමයෝජනා අත්සන් කළ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම අවසන් මොහොතේ සජබ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් කැපී ගියේය.

සිය නම කපාදැමීම සම්බන්ධයෙන් දමිතා සෘජුවම චෝදනා එල්ල කළේ සජබ රත්නපුර කණ්ඩායම් නායක හේෂා විතානගේටය.

ඇය සඳහන් කළේ, රත්නපුරයෙන් එක්ව තරග කරමු යැයි පවසා, හේෂා අවසන් මොහොතේ සිය නම කපාහැර ඇති බවයි.

ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය පටිගත කරන ලද දුරකථන සංවාද තමා සතුව පවතින බවද දමිතා ප්‍රකාශ කළාය.

දැන් එවැනි හඬපටයක් කරලියට පැමිණ තිබේ.

එහි ඇත්තේ දමිතාගේ සහ හේෂාගේ සංවාදයකි.

පහතින් දැක්වෙන්නේ එම සංවාදයයි.

42.31%
17.27%
32.76%