October 12, 2024

අල්ලස් කොමිසම භාරයට ගත් සුඛෝපභෝගී වාහනයක් රාජසන්තක කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේය.

රේගුවට ලබාදුන් අසත්‍ය තොරතුරු භාවිත කරමින් මෙම වාහනය ආනයනය කර ඇති අතර, එමඟින් රජයට රුපියල් මිලියන 55කට අධික මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථය බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකකි.

42.31%
17.27%
32.76%