Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහ ස්නායු රෝගීන්ට ලබාදෙන එන්නත් බව හඟවා ඇල්වතුර පිරවූ එන්නත් කුප්පි 3150ක් මිල දී ගෙන ඒ වෙනුවෙන් රුපියල් දාහතර කෝටි හතළිස් දෙලක්ෂ අනුතුන්දහස් තුන්සිය පනස්හයක් ගෙවීමේ මහා පරිමාණ වංචාව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණ අරඹා ඇත.
වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලට ගෙන ‘Rituximab’ ලේඛලය සහිතව එවන ලද පිළිකා ඖෂධ එන්නත රෝගීන්ට ලබා දුන්නද ඉන් ප්‍රගතියක් නොමැතිවීම ගැන ඇති වූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරික්ෂණයකට භාජන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි ජලය පමණක් අඩංගු බවයි.
පිළිකා රෝගීන් වෙනුවෙන් එම එන්නත් කුප්පි 2250ක් මිලට ගෙන ඇත්තේ රුපියල් 107,911,481 (රුපියල් දසකෝට් හැත්තෑ නවලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූඑකක්) වැය කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නැති සමාගමකිනි.
එසේම අසාධ්‍ය ස්නායු රෝගීන්ට ලබාදීම වෙනුවෙන් යැයි සඳහන් කර රුපියල් 36,381,875ක් වැයකර ‘Human Immunoglobulin’ ලේබලය ඇලවූ එන්නත් කුප්පි 900ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගෙන ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම එන්නත් තිබියදී බරපතළ හිගයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි.
එම එන්නත්හි ද අන්තර්ගතව ඇත්තේ ජලය පමණක් වන අතර එන්නත් කුප්පි කිහිපයක සේලයින් දියර අන්තර්ගතව තිබී ඇත. එය මිලදී ගෙන ඇත්තේ ආනයනික ඖෂධයක් වශයෙන් වුවද එය නිපදවා ඇත්තේ මෙරට දී බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. (සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart