42.31%
17.27%
32.76%
October 12, 2024

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හතළිහකට (40) අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මෙවර මහමැතිවරණයට තරග නොකරන අය අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ පිරිස වෙයි.

එසේම හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය රජයේ හා ඊට පෙර පැවැති රජයන්වල ජ්‍යෙෂ්ඨ ඇමැති ධුර දැරූවන් වන චමල් රාජපක්‍ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ඩලස් අහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමල් වීරවංශ, එස්. බී. දිසානායක, ප්‍රසන්න රණතුංග, විප්ලවීර දිසානායක, ගාමිණි ලොකුගේ, සී. බී. රත්නායක, පාඨලී චම්පික රණවක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, අලි සබ්‍රෙ, හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, සිසිර ජයකොඩි, ගීතා කුමාරසිංහ, හිටපු මන්ත්‍රීවරුන් වන හාන් විජයලාල් ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, ගෙවිඳු කුමාරතුංග. කරුණාදාස කොඩිතුවක්කු, ප්‍රදීප් උඳුගොඩ, ධම්මික පෙරේරා, සම්පත් අතුකෝරල, විජිත බේරුගොඩ, කුමාරසිරි පුෂ්ප කුමාර, සහන් ප්‍රදීප්, ජගත් පුෂ්පකුමාර යන පිරිසද වෙයි.

මෙයට අමතරව ඉකුත් මඟමැතිවරණයට තරග කරමින් පාර්ලිමේන්තුව ගියෝජනය කළ නාමල් රාජපක්ෂ. සී. බී. රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස කුට්ටිආරච්චි, කබීර් හෂීම්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙවර ජාතික ලැයිස්තුවලට ඇතුළත් කර ඇත.

හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නවීන් දිසානායක යන අයද මෙවර මග මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

ඇතැම් මන්ත්‍රීවරු මූල්‍යමය දුෂ්කරතා, වයස්ගතභාවය, කලකිරීම් සේම උගත්, බුද්ධිමත් තරුණ පිරිසකට වැඩි අවස්ථාවක් ලබාදීම ආදී විවිධ කරුණු හේතු කරගෙන මැතිවරණයට ඉදිරිපත් නොවීමටත් තවත් කිහිපදෙනකු දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව පවසමින් මැතිවරණයට ඉදිරිපත් නොවීමටත් තීරණය කර තිබේ.

ඇතැම්හු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූවත් තම දේශපාලන පක්‍ෂවලට නායකත්වය දෙමින් සහ උපදේශකත්වයෙන් සහයෝගය ලබාදෙමින් දේශපාලනයේ රැදී සිටින බවත් පවසති.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට පොහොට්ටුවෙන් ඉවත්වී ගිය කණ්ඩායමෙන් කිහිපදෙනකු යළි පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලා සිටියත් එසේ පක්‍ෂය හැර ගිය කිසිවකුට නාමියෝජනා ලබානොදීමට පක්‍ෂය තීරණය කර ඒ අවස්ථාව ප්‍රාදේශීය මට්ටමින් පක්ෂයට නායකත්වය දුන් හා උගත් තරුණ පිරිසක් ඉදිරිපත් කරවීමට පක්‍ෂය තීරණය කර මෙවර ඔවුන්ට නාමයෝජනා ලබාදුන් බව පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් පවසයි.(මව්බිම)

42.31%
17.27%
32.76%