42.31%
17.27%
32.76%
October 10, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

ලියාපදිංචි නොකළ බී. එම්.ඩබ්ලිව්. කාර් රථයක් භාවිත කළ බවට සිදුකරන විමර්ශනයට අදාළව මෙම නියෝගය සිදුකර ඇත.

ජර්මනිය නිෂ්පාදිත එම මෝටර් රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකොට අංක තහඩුවක් භාවිතා කරමින් රථය භාවිත කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මේ නියෝගය සිදුකර ඇත.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශන අනාවරණය ක තිබේ.

42.31%
17.27%
32.76%