Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවක් ඉන්දියන් සාගරයේ රහසිගත හමුදා දූපතක කඳවුරක රඳවා සිටින අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිරිසකට තාවකාලිකව රුමේනියාවට සංක්‍රමණය වීමට උපකාර කිරීමට එක්සත් රාජධානිය ඉදිරිපත් වී තිබේ.
මාස හයකට පසු ඔවුන් එක්සත් රාජධානියට ගෙන්වා ගැනීමට හැකිය.
කණ්ඩායමේ අනෙක් අයට ඔවුන් පීඩාවලට මුහුණ දුන් බව කියන ශ්‍රී ලංකාවට යෑමට මූල්‍ය දිරිගැන්වීම් පිරිනමනු ලබන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
2021 දී, ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් ඔවුන්ගේ බෝට්ටුව අනතුරකට ලක්වීමෙන් පසු ඩියාගෝ ගාර්ෂියා දුපතේ සරණාගතභාවය ඉල්ලා සිටි පළමු පුද්ගලයන් කණ්ඩායම බවට පත්විය.
එම භූමිය පිහිටීමේ අසාමාන්‍ය තත්ත්වය දිගු නීතිමය ආරවුලකට තුඩු දුන් අතර, එක්සත් රාජධානියේ රජය ඔවුන් බ්‍රිතාන්‍යයට ගෙන ඒම මගින් සංක්‍රමණ මාර්ගයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ සංක්‍රමණිකයන්ගේ සුභසාධනය සහ බ්‍රිතාන්‍ය භෞමික දේශසීමාවල අඛණ්ඩතාව ආරක්ෂා කරන විසඳුමක් සෙවීමට ඇමැතිවරුන් කටයුතු කරමින් සිටින බවයි.
වඩාත් අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයන් ඔවුන්ගේ නීත්‍යනුකූල හිමිකම් ක්‍රියාවට නංවන අතරතුර නැවත ස්ථානගත කිරීම මගින් ඔවුන්ට වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි ප්‍රකාශකයා පැවසීය.
බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් සංක්‍රමණිකයන්ට මෙම අවස්ථාව ලබාදෙන බව අඟහරුවාදා දැනුම්දී තිබුණේ ඩියාගෝ ගාර්ෂියා ඇතුළු බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර බලප්‍රදේශයේ ස්වෛරීභාවය මොරිෂස් වෙත භාර දෙන බව එක්සත් රාජධානිය ප්‍රකාශ කිරීමෙන් පසුවය.
කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු හමුදා කඳවුර දිවයිනේ තවදුරටත් පවතිනු ඇත.
පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන G4S විසින් ආරක්ෂා කරනු ලබන කුඩා වැටක් සහිත කඳවුරක මෙම සංක්‍රමණික කණ්ඩායම නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටීද යන්න පිළිබඳ වූ අධිකරණ විභාගයක් ද පසුගිය දිනෙක පැවැත්විණි.
මෙම නඩුවේ තීන්දුව ළඟදීම බලාපොරොත්තු වේ.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව තර්ක කර ඇත්තේ සරණාගත සම්මුතිය බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර බලප්‍රදේශය මත බල නොපවත්වන්නේ එය ලන්ඩනයේ විදේශ කාර්යාලයෙන් පරිපාලනය වුවද එය ව්‍යවස්ථානුකූලව එක්සත් රාජධානියට අයත් නොවන නිසා බවයි.
ඒ වෙනුවට, බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර බලප්‍රදේශයේ පරිපාලනය විසින් දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට ආපසු ලබා දිය හැකිද නැතහොත් අන්තර්ජාතික ආරක්ෂාව ලබා දිය හැකිද යන්න තීරණය කිරීම සඳහා වෙනම ක්‍රියාවලියක් ස්ථාපිත කරන ලද අතර එය සරණාගත තත්ත්වයට සමාන බව එක්සත් ජාතීන් පවසයි.
දැනට ඩියාගෝ ගාර්ෂියා හි දෙමළ ජාතිකයන් 56 දෙනෙක් සිටිති.
තවත් අට දෙනෙකු සියදිවි නසා ගැනීමට තැත් කිරීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරු කර යැවීමෙන් පසු දැනට රුවන්ඩාවේ සිටිති.
බොහෝ සංක්‍රමණිකයන් ඔවුන්ගේ අන්තර්ජාතික ආරක්ෂණ හිමිකම් හෝ අභියාචනා ප්‍රතික්ෂේප කිරීම් පිළිබඳ තීරණ බලාපොරොත්තුවෙන් සිටිති.
සමස්තයක් වශයෙන්, අට දෙනෙකුට අන්තර්ජාතික ආරක්ෂාව ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart