Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා සිටින මිලියන 370කට අධික ගැහැණු ළමුන් සහ කාන්තාවන් නැතහොත් ලොව පුරා සෑම අට දෙනෙකුගෙන්ම එක් අයකු වයස අවුරුදු 18ට පෙර ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය හෙවත් යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරයි.
ලිංගික හිංසනයේ ස්පර්ශ නොකරන කාණ්ඩයට අයත් වාචික අපයෝජනයන් වැනි දේ සැළකිල්ලට ගන්නා විට මෙම සංඛ්‍යාව මිලියන 650ක් නතොහොත් පස්දෙනෙකුගෙන් එක් අයකු දක්වා ඉහළ යන බව මේ සම්බන්ධයෙන් වන සිය පළමු ගෝලීය සමීක්ෂණය උපුටා දක්වමින් යුනිසෙෆ් වාර්තා කරයි.
එම වාර්තාව පවසන්නේ ගැහැණු ළමුන් සහ කාන්තාවන් වඩාත් පීඩාවට පත් වන අතර පිරිමි ළමුන් සහ පිරිමින් මිලියන 240 සිට 310 දක්වා හෝ 11 දෙනෙකුගෙන් 1 අයකු ළමා කාලය තුළ දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.
“මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පරිමාණය අතිමහත්. අපකීර්තිය, මැනීමේ අභියෝග සහ දත්ත එකතු කිරීමේ සීමිත ආයෝජනය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට අපහසු වී තිබෙනවා,”යනුවෙන් ද යුනිසෙෆ් වාර්තාවේ සඳහන් වේ.
මෙම වාර්තාව ලබන මාසයේ කොලොම්බියාවේ පැවැත්වෙන දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ සමාරම්භක ගෝලීය ඇමැති සමුළුවට පෙර නිකුත් කර තිබේ.
නීති ශක්තිමත් කිරීම සහ ලිංගික හිංසනය හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට දරුවන්ට උපකාර කිරීම ඇතුළුව ගෝලීය ක්‍රියාමාර්ගයක හදිසි අවශ්‍යතාව එමගින් ඉස්මතු කරන බව යුනිසෙෆ් පැවසීය.
ලිංගික ප්රචණ්ඩත්වය භූගෝලීය, සංස්කෘතික සහ ආර්ථික සීමාවන් හරහා සිදුවන නමුත් උප-සහාරා අප්‍රිකාවේ වැඩිම වින්දිතයන් සංඛ්‍යාවක් සිටින අතර එය ගැහැණු ළමුන් සහ කාන්තාවන් මිලියන 79ක් හෝ සියයට 22 ක් බව යුනිසෙෆ් පවසයි.
එම තත්ත්වය නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ මිලියන 75ක් හෝ සියයට 8ක් ලෙස හඳුනාගෙන ඇත.
කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වන එහි දත්ත අනුව, මධ්‍යම සහ දකුණු ආසියාවේ බලපෑමට ලක් වූ සංඛ්‍යාව මිලියන 73ක් හෙවත් සියයට 9ක් බව යුනිසෙෆ් ඇස්තමේන්තු කර ඇත.
යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ මිලියන 68ක් හෙවත් සියයට 14ක්, ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් කලාපයේ මිලියන 45ක් හෙවත් සියයට 18ක්, උතුරු අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ මිලියන 29ක් හෙවත් සියයට 15ක් ලෙස මෙම සංඛ්‍යා සටහන් වේ.
මිලියන 6ක් සහිත ඕෂනියාවේ ප්‍රතිශතයක් වශයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර එය සියයට 34කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart