Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇත.
ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇත.
බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැරහැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart