October 9, 2024

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

ඒ එම භික්ෂුවට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙනි.

මෙම නඩුවේදී ඥානසාර භික්ෂුව 2014 අප්‍රේල් 12 වන දින කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලදී මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් කළ බවට පැමිණිල්ල විසින් චෝදනා කර ඇත.

මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අධිකරණයට පැමිණ සිටියේ නැත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

42.31%
17.27%
32.76%