October 9, 2024

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවදින උද්වේගකර T20 තරගාවලිය ආරම්භවීමට නියමිතය.

තරගාවලියේ පළමු පියවර 2024 නොවැම්බර් 17 සිට 2024 දෙසැම්බර් 8 දක්වා පැවැත්වේ.

තරගාවලියේ ආරම්භක අදියර ඉන්දියාවේ මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.

තරගාවලිය නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් ආරම්භ වන අතර, සචින් තෙන්ඩුල්කාර් සහ කුමාර් සංගක්කාර යන ප්‍රබලයෝ කණ්ඩායම් දෙකට ඇතුලත් වේ.

දෙවැනි තරගයේදී ෂේන් වොට්සන්ගේ ඔස්ට්‍රේලියාව ජැක් කලිස්ගේ දකුණු අප්‍රිකාව සමඟ තරග වදින අතර අනතුරුව ශ්‍රී ලංකාව ඊයන් මෝගන්ගේ එංගලන්තය සමඟින් තරග වදිනු ඇත.

පසුව බ්‍රයන් ලාරා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.

කණ්ඩායම්වල නායකත්වය :

ඉන්දියාව: සචින් ටෙන්ඩුල්කාර්

බටහිර ඉන්දීය කොදෙව්: බ්‍රයන් ලාරා

ශ්‍රී ලංකාව: කුමාර් සංගක්කාර

ඕස්ට්‍රේලියාව: ෂේන් වොට්සන්

එංගලන්තය: ඉයන් මෝගන්

දකුණු අප්‍රිකාව: ජැක් කලිස්

තරග කාලසටහන මෙසේය :

17-11-2024 Sun 7:30 PM Mumbai India v Sri Lanka
18-11-2024 Mon 7:30 PM Mumbai Australia v South Africa
19-11-2024 Tue 7:30 PM Mumbai Sri Lanka v England
20-11-2024 Wed 7:30 PM Mumbai West Indies v Australia
21-11-2024 Thu 7:30 PM Lucknow India v South Africa
23-11-2024 Sat 7:30 PM Lucknow South Africa v England
24-11-2024 Sun 7:30 PM Lucknow India v Australia
25-11-2024 Mon 7:30 PM Lucknow West Indies v Sri Lanka
26-11-2024 Tue 7:30 PM Lucknow England v Australia
27-11-2024 Wed 7:30 PM Lucknow West Indies v South Africa
28-11-2024 Thu 7:30 PM Raipur India v England
30-11-2024 Sat 7:30 PM Raipur Sri Lanka v England
01-12-2024 Sun 7:30 PM Raipur India v West Indies
02-12-2024 Mon 7:30 PM Raipur Sri Lanka v Australia
03-12-2024 Tue 7:30 PM Raipur West Indies v England
05-12-2024 Thu 7:30 PM Raipur Semi Final 1
06-12-2024 Fri 7:30 PM Raipur Semi Final 2
08-12-2024 Sun 7:30 PM Raipur Final

42.31%
17.27%
32.76%