Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය උණුසුම් සුබපැතුම් එක්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන ආකාරයට, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර ඇති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීමපිළිබඳව ද සිය ප්‍රසාදය පළකර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති බයිඩන් සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර ඇත.
“මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ.“
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කරදීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් සුභවාදී අදහස් පළකර ඇත.
ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කරගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබාදෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යොමුකළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart