Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නෙළුම් කුළුණෙන් වැටී ඊයේ මියගිය බවට වාර්තා වූ පාසල් සිසුවිය සියදිවි හානිකරගෙන ඇති බවත් මීට පෙර කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී මහල් නිවාසයක සිදුවූ පාසල් සිසුන් දෙදෙනාගේ මරණවලට මෙම මරණය සම්බන්ධ බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියක් නෙළුම් කුළුණේ 29 වැනි මහලෙන් මෙලෙස බිමට පැන තිබූ අතර, ඇගේ සිරුර ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
කොළඹ ප්‍රකට අන්තර්ජාතික පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය පාසල නිමවී කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
මියගිය සිසුවිය මේ වසරේ ජූලි මාසයේදී කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී මහල් නිවාසයකින් වැටී මිය ගිය අන්තර්ජාතික පාසලක 15 හැවිරිදි සිසුන් දෙදෙනාගේ සමීප මිතුරකු බව අනාවරණ වී ඇති බව ද පොලිසිය පවසයි.
ඊයේ මියගිය සිසුවියගේ පියා පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් දන්වා ඇත්තේ මිතුරන්ගේ මරණයෙන් පසු දැරිය මානසිකව පීඩාවට පත්ව සිටි බවයි.
මරණය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පවසන්නේ සියදිවි නසා ගැනීමකදී බොහෝවිට එම තැනැත්තා හෝ තැනැත්තිය විසින් ඒ සම්බන්ධයෙන් ඊට පෙර යම් යම් ඉඟි පළකරන බවයි.
එවැනි බොහෝදෙනා සියදිවි නසා ගන්නේ ජීවත් වීමට ඇති අකමැත්ත නිසා නොවන බව ද එම ආයතනය අවධාරණය කරයි.
එක අවස්ථාවක සියදිවි නසා ගැනීමට තැත්කළ අයකුට එම අවදානම ජීවිත කාලය පුරාම පවතින බවට වන මතය බැහැර කරන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පවසන්නේ එවැනි උත්සාහයන් දැරූ අයකු නැවත ඒ සඳහා උත්සාහ නොකිරීමට ද ඉඩ ඇති බවයි.
ඒ අනුව සෑමවිටම තම සමීපතමයන්ට සවන් දෙන ලෙසට මහජනතාවට උපදෙස් දෙන එම ආයතනය එවැනි ගැටලු ඇති අයට දැනුම්දෙන්නේ ඕනෑම අවස්ථාවක උපකාර කිරීම සඳහා 1926 දුරකථන අංකය පැය 24 පුරා විවෘත බවයි.
එම නිසා කලකිරීමකින් සිටින විට ඔවුන් ඇමතීමට පසුබට නොවන ලෙස ද එම ආයතනය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart