October 7, 2024

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන Methamphetamine (අයිස්) තොගයක් සන්තකයේ තබාගෙන පොලිසියට රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබාදී අත්අඩංගුවට ගැනීමෙන් බේරීමට උත්සාහ කළ ටෙලිනාට්‍ය නළුවකු තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එදිරිසිංහ ආරච්චිගේ අසංක (26) වන සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔක්තොම්බර් 11 දක්වා රඳවා තබා ඇත.

තමාට එරෙහිව ක්‍රියාමාර්ගයකින් තොරව නිදහස් කර ගැනීම සඳහා ඔහුතණමල්විල පොලිසියේ නිලධාරියකුට රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත බලහරුව ප්‍රදේශයේදී පොලිස් කණ්ඩායමක් වැටළීම සිදුකර ඇති අතර එහිදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකරුට නීතීඥයකු පොලිසියට පැමිණ නීති උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ රුපියල් මිලියන 40ක් පමණ වටිනා අයිස් තොගයක් වෙළඳාම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහි නඩුවක් විභාග වෙමින් පවතින බවත්, ඔහුගේ අයථා වත්කම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදුවෙමින් පවතින බවත් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

 

42.31%
17.27%
32.76%