October 7, 2024

බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මස්සිනා පරිහරණය කළේ යැයි කියන රුපියල් කෝටි හතක් පමණ වටිනා ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් බදුල්ල ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක සඟවා තිබියදී සොයාගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වූ එම රථයට සවිකර තිබී ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයකට අයත් අංකය බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක් සෝදිසි කර මෙම ප්‍රාඩෝ ජීප් රථය සොයාගෙන තිබේ.

පොලිස් භාරයට ගත් මෙම ජිප් රථය පරිහරණය කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ මස්සිනාකෙනකු බවට තොරතුරු හෙළිවීයැයි පොලිසිය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%