October 6, 2024

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ සිරගතව සිටින පාකිස්ථාන සිරකරුවන් 56 දෙනකු ඉරිදා (අද) වරලත් ගුවන් යානයකින් ආපසු සිය රට බලා යෑමට නියමිතය.

පාකිස්තානයේ ආයෝජන මණ්ඩලය, සන්නිවේදන සහ පෞද්ගලීකරණය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය අබ්දුල් අලීම් ඛාන් පෞද්ගලිකව මෙම සියලුම ආපසු ගෙන්වා ගැනීමේ වියදම් ආවරණය කරයි.

මෙම ක්‍රියාවලිය පුරාවට ශ්‍රී ලංකා රජය සහ මහ කොමසාරිස්වරයා ලබාදුන් සහයෝගයට පාකිස්ථානය ස්තුතිය පුදකර ඇත.

මෙම පකිස්ථානු ජාතිකයන් ආරක්ෂිතව ආපසු ගෙන්වාගැනීම සහතික කිරීම සඳහා එරට රජයේ උපදෙස් අනුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය මාස තුනක කාලය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත.

42.31%
17.27%
32.76%