Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තානාපතිවරුන් පත් කිරීමේදී උගත්, බුද්ධිමත්, විදෙස් රටකදී මෙරට නියෝජනයට ගැළපෙන පිරිසක් පත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී දේශපාලනය පිළිබඳ නොසිතා වගකීම් සහගත පුද්ගලයන් පත් කරන ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නය මෙම ඉල්ලීම සිදුකර ඇත.
නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ජනාධිපතිවරයා පැමිණ තිබුණේ ඊයේ (5) පෙරවරුවේයි.
අනුනායක හිමිවරුන්, ලේඛකාධිකාරි හිමිවරුන් ප්රමුඛ රාමඤ්ඤ මහා නිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්රමුඛ සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක්ව තිබිණි.
තම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට සියලු තීන්දු තීරණ ගැනීම තම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඊට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමට මහා සංඝරත්නයේ ආශීර්වාදය ජනාධිපතිවරයා වෙත හිමි වන බව ද අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart