42.31%
17.27%
32.76%
October 5, 2024

නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එළඹෙන මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් පිහිටුවා ගන්නා සන්ධානයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

“කෙසේවෙතත් මෙම සන්ධානය යටතේ තරග කිරීමට ගත් තීරණය අදාළ වන්නේ මේ මැතිවරණයට පමණයි,” යැයි හෙතෙම අවධාරණය කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් සමඟ නව ලකුණක් යටතේ පක්ෂය තරඟ කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

එළැඹෙන මැතිවරණයට සන්ධානය යටතේ තරග කිරීමට තම පක්‍ෂය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු කියාසිටියේය.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකළේය.

42.31%
17.27%
32.76%