October 5, 2024

එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

අපේක්ෂකයන් අතර මනාප තරඟය වළක්වා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බව ද ඔහු පැවසීය.

කෙසේවෙතත්, පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බවත්, මනාප අනුව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යොමුකිරීමට ජාතික ජනබලවේගය වගබලා ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

“කෙසේවෙතත්, ජාතික ජනබලවේගයේ තරඟකරුවන් අතර මනාප තරඟකාරීත්වය වළක්වාගැනීම සඳහා අපි යාන්ත්‍රණයක් සකස්කරමින් සිටිනවා. අපි මැතිවරණයට තරග කරන සියලුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් හමුවී ඒ පිළිබඳව දැනුම්දෙනවා,” ඔහු පවසයි.

අනෙකුත් පක්ෂවල මෙන් නොව ජාතික ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තු දිස්ත්‍රික් මට්ටමින් සකස් කරමින් පවතින බවත්, අවසන් කළ ලැයිස්තු කොළඹ ප්‍රධාන කාර්යාලයේදී සමාලෝචනය කරන බවත් වෛද්‍ය නිහාල් අබේසිංහ ප්‍රකාශ කරයි.

ජාතික ජනබලවේගය සිය නාමයෝජනා ලැයිස්තුවට සහ ජාතික ලැයිස්තුවට කාන්තා අපේක්ෂිකාවන් වැඩි වශයෙන් ඇතුළත් කරන බවත්, එම ලැයිස්තු දෙකටම වෘත්තීයවේදීන් ද ඇතුළත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%