Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ක්රීඩා ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැතිවරයකු වන නලින් ප්රනාන්දුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අල්ලස් නඩුව විභාග කිරීමට අධිකරණ සේවා කොමිසම නව විනිසුරුවරයකු පත්කර ඇත.
මෙයට පෙර මෙම නඩුවේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීමක් ලැබීම නිසා පුරප්පාඩුවක් ඇති විය.
මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න එම පුරප්පාඩුවට පත්කර ඇති අතර, කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ නඩුවේ සභාපති විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි කටයුතු කරයි.
මෙයට අමතරව මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ද විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2015 ජනාධිපතිවරණ සමයේදී ක්රීඩා සංගම් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා කැරම් බෝඩ් 14,00ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළ බව පවසා අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
ඒ වන විට සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ නලින් ප්රනාන්දුවන අතර ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල්වලින් මෙම උපකරණ ආනයනය කිරීම සිදුකර තිබේ.
ලබන දෙසැම්බර් 04 වැනි දා යළි නඩුව කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart