42.31%
17.27%
32.76%
October 4, 2024

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.

එහිදී අඛණ්ඩව පවතින සහයෝගීතාව තර කර ගැනීම සහ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කර ඇත.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ආචාර්ය ජයිශංකර් පැවසුවේ අද කොළඹදී ජනාධිපති දිසානායක හමුවීමට ලැබීම ගෞරවයක් බවයි.

මෙම හමුවේදී ඉන්දීය විදේශ ඇමැතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ උණුසුම් සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත.

“ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ඔහුගේ උණුසුම් හැඟීම් සහ මග පෙන්වීම අගය කරමි. රටවල් දෙකක සහ කලාපයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා දැනට පවතින සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට ක්‍රම සාකච්ඡා කළෙමු. ” යනුවෙන් අද සාකච්ඡාවේ තොරතුරු හෙළි කරමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා පැවසීය.

ආචාර්ය ජයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ඕනෑම විදේශ ඇමැතිවරයෙකු මෙරට සිදුකරන පළමු සංචාරයයි.

42.31%
17.27%
32.76%