42.31%
17.27%
32.76%
October 4, 2024

අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කර තිබියදී අද (04) අලුයම සොයා ගෙන තිබේ.

ලේ ගලන තුවාල සහිතව පුද්ගලයකු නිවසක වැටී සිටින බවට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

විමර්ශනය කිරීමේදී අනාවරණ වී ඇත්තේ 67 හැවිරිදි පිරිමියකු සහ 63 හැවිරිදි කාන්තාවක් ගෙල කපා ඝාතනය කර ඇතියි.

මළ සිරුරු මහේස්ත්‍රාත් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත අතර, ඝාතනයට හේතුව කුමක්ද යන්න හෝ සැකකරුවන් කවුරුන් හෝ හඳුනා ගැනීමට පොලිසියට තවමත් නොහැකි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

42.31%
17.27%
32.76%