42.31%
17.27%
32.76%
October 4, 2024

තමන් සංචාරක රාජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කළ සමයේ රාජකාරී කටයුතු වෙනුවෙන් සංචාරක අමාත්‍යාංශයෙන් තමන්ට දී තිබූ වාහන නඩත්තු නොකළ ඒවා බව හිටපු ඇමැති ඩයනා ගමගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඒ අනුව දුරබැහැර යමින් තම වගකීම් ඉටු කිරීම සඳහා හොඳ තත්ත්වයේ වාහනයක් ලබා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට තමාට බල කෙරුණු බව ඇය පැවසුවාය.

ඒ අනුව සිය ධුර කාලය තුළ භාවිත කළ වාහනය තමන් එම ධුරයෙන් ඉවත් වූ වහාම නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදුන් බව ඩයනා ගමගේ පවසයි.

එලෙස නඩත්තු නොකළ වාහන තබා ගනිමින් සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ලාභ ලබන බවට ද චෝදනා කළ හිටපු ඇමැතිවරිය තමා එල්ල කරන චෝදනා සනාථ කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවද සඳහන් කළාය.

රජයේ වාහන නඩත්තු නොකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන නවතම හිටපු රාජ්‍ය නිලධාරිනිය වන්නේ ඩයනා ගමගේය.

හිටපු ජනාධිපති උපදේශිකා රෝසි සේනානායකට ලබා දී තිබූ Porsche Cayenne වාහනයද නඩත්තුවකින් තොරව ජලය කාන්දු වන තත්ත්වයේ පැවති බව හෙළිදරව් කිරීමත් සමඟ ඩයනා ගමගේ මෙම අදහස් පළ කර තිබේ.

 

42.31%
17.27%
32.76%