42.31%
17.27%
32.76%
October 4, 2024

ඕස්ට්‍රේලියාවේ සහ චීනයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති පියල් නිශාන්තට එරෙහිව එම නිලධාරියා පැමිණිල්ලක් කර ඇතැයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි නමැති එම නිලධාරියා හිටපු රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව අපරාධ නඩුවක් සහ අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදී ඔහු තමාට තර්ජන කර ඇති බව එම පැමිණිල්ලේ සදහන් වේ.

ආචාර්ය හෙට්ටිආරච්චි එවක පියල් නිශාන්ත රාජ්‍ය ඇමැති ධුරය දැරූ සී- නෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති අතර ඇමැතිවරයාගේ තර්ජන හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ ඉල්ලා අස්වී ඇත.

පැමිණිලිකරු නිසා එම හිටපු ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතය විනාශ වූයේ යැයි පවසා පැමිණිලිකරු විනාශ කරන බවට කීප දෙනකු සමග පවසා ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

යතුරුපැදිවලින් කණ්ඩායම් කීපයක් තමා පසු පස ලුහුබැඳ ඇති බවට ද හෙට්ටිආරච්චි මාලබේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

පියල් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමැතිවරයා පැමිණිලිකරුට කළැයි කියන තර්ජන සම්බන්ධයෙන් කළ පැමිණිල්ලේ පිටපත් ජනාධිපතිවරයාට, මහජන ආරක්ෂ ඇමැතිවරයාට, මානව හිමිකම් කොමිසමට, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට ද යවා ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපනගේ උපදෙස් පරිදි විමර්ශන සිදු කෙරේ.

 

42.31%
17.27%
32.76%