42.31%
17.27%
32.76%
October 3, 2024

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව නොවැම්බර් මස 29 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (3) කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 240,000ක පමණ මුදලක් යොද ගනිමින් පෞද්ගලික දුරකථනයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම චෝදනා ගොනු කර ඇත.

42.31%
17.27%
32.76%