42.31%
17.27%
32.76%
October 3, 2024

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පළා ගිය සිරකරුවන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු මාවැල්ල වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගත් සිරකරුවන් දෙදෙනා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිට තිබේ.

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ එළිමහන් කටයුතුවල නිරත වෙමින් සිටියදී පසුගිය අඟහරුවාදා සිරකරුවන් සිව්දෙනා පැන ගොස් තිබිණි.

ඒ අනුව අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර කළේය.

අත්අඩංගුවට ගත් සිරකරුවන් සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම සිරකරුවන් අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට භාරදීමට නියමිතයි.

 

42.31%
17.27%
32.76%