Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු මැති ඇමැතිවරුන්ට සහ හිටපු රාජ්‍ය නිලධාරීන්ට ලබා දී තිබූ නිල නිවාස යළි පවරා ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව නිවාස 50ක් පමණ නැවත බාරදෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන්ට අමාත්‍යාංශය විසින් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.
අමාත්‍යාංශ විසින් ලබා දී ඇති නිල නිවාසවලින් ඉවත්වීමට අදාළ නියෝග ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කර තිබුණ ද ඒ පිළිබඳ විස්තර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
එම නිවාස අතර බම්බලපිටියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක පිහිටා ඇති නිවාස ද වේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු ඇතැම් මන්ත්‍රීවරුන්ට ඉන් ඉවත්වීමට මාස තුනක කාලයක් ලබාදී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ පවසන්නේ තමාට නිවසින් ඉවත්වීමට මාස තුනක කාලයක් ලබාදුන් බවයි.
සති දෙකකින් නිවසින් පිටවීමට සැලසුම් කර තිබූ බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය තෙක් නිල නිවාසවල රැඳී සිටිය හැකි බව රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ප්‍රකාශ කර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසන්නේ ද පාර්ලිමේන්තු මැතිවරණය තෙක් මාදිවෙල නිවාසවල පදිංචි විය හැකි බවයි.
තමන්ට දන්වන ඕනෑම වේලාවක මාදිවෙල සංකීර්ණයේ නිවසින් පිටව යන බව පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිප්රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart