Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාගම නුගවෙල කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ සවස පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා බාලවයස්කාර සිසුන් 18 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබේ.
නුගවෙල කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගරාජයක රහසිගතව රැස්ව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය මෙම මෙහෙයුම සිදු කර ඇත.
රෝලර් ගේට්ටුවකින් ආවරණය කර තිබී ඇති ගරාජය තුළ සිට අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 15ත් 19ත් අතර පිරිමි ළමුන් 16 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු ද වන බව පැවසේ.
මෙම සිසුන් කොටහේන, බ්ලූමැන්ඩල්, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවලින් පැමිණි සිසුන් වන අතර ඔවුන් එම ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන් බව වාර්තා වේ.
පොලිසිය පවසන පරිදි, මෙම සිසුන් කලක සිට මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදී සිට ඇති අතර දුප්පත් පවුල්වල අය වුවද ධනවත් බව හඟවමින් කටයුතු කර ඇත.
සැකකරුවන් රාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart