Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිමකිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඹුගල, තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් හමුවේ පැවැසීය.
සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරන්ජිත් තාඹුගල, මේවා සිහියට නැඟෙන විට සියදිවි නසාගැනීමට තමාට සිතුණු බවත් සඳහන් කළේය.
පොලිසියය භාරව සිටි ඇමැති ටිරාන් අලස් කළ ඉල්ලීමකට අනුව, සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා තමාට අයත් අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවිකර දීමට කැමති වුවත්, මෙම ව්‍යාපෘති සඳහා වැයවන සියලු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස්ගේ කීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමඟ අමනාප වූයේ යැයිද කීය.
නීතිවිරෝධී ආකරයෙන් වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඹුගල එසේ පැවැසීය.
නීතිඥ උපාලි ජයමාන්නගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වැඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මෙසේද සඳහන් කළේය.
“ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව මට කිවා.
එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්’ එයාලා මට කිව්වා මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.
වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.
පසුව මා ඔවුන් සමඟ කතාකර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොළහ දක්වා අඩුකර ගත්තා.
තවදුරටත් කතාකර කෝටි දොළහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩුකර ගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා.
මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා.
ඊට අමතරව රහස් පොලිසියේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් මා දුන්නා.
මේ මුදල් දුන් බව තහවරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්සි රැසක් මා ළඟ තියෙනවා.
විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා.
එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ.
මා ළඟ දැනට තියෙන මූල්‍යමය වත්කම්වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිමකරන්න මට පුලූවන්.
මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යානූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා.
මෙම මුදල් මා මෙරටදී උපයා ගත් මුදල් නෙමේ.
ඒ සියල්ල විදේශ රටවලින් උපයාගත් ඒවා.
දැනටත් විදෙස් රටවලින් මා නිත්‍යානුකූලව මුදල් උපයාගනිමින් සිටිනවා.
මා සතුව ඇති නිත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා.
මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා.
කිසිඳු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශසහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙන්ම හිරිහැර සිහියට නැගෙන විට සියදිවි නසාගැනීමට මට සිතෙන වාර අනන්තයි.
මහජන අරක්ෂාව බාර ඇමැතිවරයාව සිටි ටිරාන් අලස්, ඇමතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ පොලිස්ථාන අලූත්වැඩියා කර දෙන්න කියලා.
ඊට එකඟ වු මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා.
ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගාණේ සවිකර දෙන්න මා පොරොන්දු වුණා.
මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා ඇමති ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකමැති වුණා.
මෙම ව්‍යාපෘති සඳහා වැයවන සියලු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා.
ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.
එතැන් සිටි ටිරාන් අලස් මා ගැන වෛරයෙන් කටයුතු කළා.
රහස් පොලිසියේ නීතිවිරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල්වලින් කොටසක් ඔවුන් ලබාගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි මා සතුව තිබෙනවා.
රහස් පොලිසියේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත්, කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්ෂි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාමගේ සහාය මා ලබාගත්තා.
එලෙස සහය ලබාගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාමට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළිගන්න උත්සාහ කරනවා.” (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart