42.31%
17.27%
32.76%
September 29, 2024

වසර පහකට පසු ජාතික පාසල් 396 ක විදුහල්පතිවරුන් සහභාගි වූ විශේෂ වැඩමුළුවක් ඊයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්විණි.

පාසල් මූල්‍ය කළමනාකරණය, යටිතල පහසුකම් සහ ජාතික පාසල් අධීක්‍ෂණය කිරීමේදී හඳුනාගත් පොදු අභියෝග පිළිබඳව මෙම උත්සවයේදී අවධානය යොමු විය.

ජාතික පාසල් අංශය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි විය.

අධ්‍යාපන ක්‍රමය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය පිළිබඳ ජනතා විශ්වාසය යළි ඇති කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව ප්‍රකාශ කළාය.

රැකියා උත්පාදනය පමණක් නොව වටිනාකම් මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම ද ඉලක්ක කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත්කම ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

42.31%
17.27%
32.76%