42.31%
17.27%
32.76%
September 27, 2024

රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු ඇමැතිවරුන් සියලු දෙනා වහාම එම නිවාසවලින් ඉවත් වී රජයට භාර දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු ඇමැතිවරුන්ට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

හිටපු ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට නිවාස 50කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත්, ඉදිරි මහ මැතිවරණය අවසන් වනතුරු මාදිවෙල නිවාස සංකීර්ණයේ පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ රැඳී සිටීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවසර ලබාදී ඇත.

42.31%
17.27%
32.76%