42.31%
17.27%
32.76%
September 27, 2024

ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ, නවදිල්ලි නුවර පිහිටි, වසර 125ක ඉතිහාසයක් ඇති කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන හින්දු විද්‍යාලය සිය ආදි ශිෂ්‍යාවක වන හරිනි අමරසූරියට අගමැතිවරිය ලෙස පත් වීම පිළිබඳ ඔවුන්ගේ ඉමහත් අභිමානය ප්‍රකාශකර තිබේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැතිවරිය සහ මෙම ගෞරවනීය නිලය දැරූ තෙවැනි කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසයට එක් වූ ආචාර්ය හරිනි අමරසූරියගේ විශිෂ්ට ජයග්‍රහණය හින්දු විද්‍යාලය ආඩම්බරයෙන් සමරයි. හින්දු විද්‍යාලයේ පන්තිකාමරවල සිට තම රටේ ඉහළම කාර්යාලයක් දක්වා ආචාර්ය හරිනි ගමන් කළ ගමන ඇයගේ උසස් අධ්‍යාපනයට ඉමහත් ආඩම්බරයක්, ”යනුවෙන් හින්දු විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අධ්‍යාපනික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන ජාතික ජන බලවේගයේ අමරසූරිය අධ්‍යාපනය සහ සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් ඇයගේ සේවය සඳහා ප්‍රසිද්ධය.

ඇයගේ පත්වීම ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

“ආචාර්ය හරිනි අමරසූරිය 1991 සිට 1994 දක්වා හින්දු විද්‍යාලයේ අධ්‍යයන කාලය තුළ සමාජ විද්‍යා අංශයේ ශිෂ්‍යාවක් වූවාය. ඇයගේ සාර්ථකත්වය සහ එවැනි වැදගත් නායකත්ව භූමිකාවක් දක්වා නැගී සිටීම ගැන අපි ඇදහිය නොහැකි තරම් ආඩම්බර වෙමු. ඇය හින්දු විද්‍යාලයේ ගත කළ කාලය පරිවර්තනීය නායිකාවක් වීමේ මාවත හැඩගැස්වීමට දායක වූ බව අපට විශ්වාසයි.” යනුවෙන් හින්දු විද්‍යාලයේ විදුහල්පති මහාචාර්ය අන්ජු ශ්‍රීවාස්තාවා ප්‍රකාශ කර තිබේ.

හින්දු විද්‍යාලය දිගු කලක් තිස්සේ එහි අද්විතීය ශිෂ්‍ය නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු ක්‍රමය හරහා නායකත්ව කුසලතා පෝෂණය කර ඇති අතර එහිදී සිසුන් සෑම වසරකම අගමැතිවරයකු සහ විපක්ෂ නායකයකු තෝරා ගනී.

“මෙම ක්‍රමය සිසුන්ගේ නිම් වළලු පුළුල් කරන අතර හෙට දවසේ නායකයන් බිහි කිරීමට උපකාරී වේ. මෙම අත්දැකීම සමාජයට සහ ඔවුන්ගේ ජාතියට කල්පවත්නා බලපෑමක් ඇති කිරීමට සිසුන්ට ආස්වාදයක් සහ බල ගැන්වීමක් කළ හැකි ආකාරය පිළිබඳ දීප්තිමත් උදාහරණයක් වන්නේ ආචාර්ය හරිනි අමරසූරියයි, ” යනුවෙන් ශ්‍රීවාස්තවා පවසා ඇත.

“ආචාර්ය හරිනි අමරසූරියගේ නායකත්වය, දැක්ම සහ රාජ්‍ය සේවය සඳහා වූ නොසැලෙන කැපවීම ශ්‍රී ලංකාව සඳහා බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙස සේවය කරන බව අපට විශ්වාසයි” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

සිරිමාවෝ බණ්ඩාරනායකට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පසු ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිනිය ලෙස පත්වූ අමරසූරිය අගමැති ධුරයට පත් වූ මෙරට ප්‍රථම විද්වත්-දේශපාලඥයා වේ.

42.31%
17.27%
32.76%