42.31%
17.27%
32.76%
September 27, 2024

පසුගිය ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය කෘතඥතාව පළකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන්, ආසන සංවිධායකවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමකදී සජිත් ප්‍රේමදාස සිය කෘතඥතාව පළකර ඇත.

මෙම හමුවේදී සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වයම විවිධ අදහස් හුවමාරු කරගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ උප සභාපති තිලංග සුමතිපාල ද මෙම හමුවේදී අදහස් පළකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද මෙම රැස්වීමේදී සජිත් ප්‍රේමදාස වෙත ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවලට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අත්වැල් බැඳගැනීමේ වැදගත්කම සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කර තිබේ.

 

42.31%
17.27%
32.76%