September 26, 2024

වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයන් පස්දෙනෙකුගෙන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙම තරුණයන් ඊයේ (25) දහවල් දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු දියේ ගිලී ගසාගෙන ගොස් ඇත.

එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අතුරදන් වී ඇත්තේ 19 හැවිරිදි සහ 22 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙකි.

අතුරුදන් වු තරුණයන් දෙදෙනා සෙවීමේ කටයුතු පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකරනු ලබයි.

ඔවුන් දිය නාමින් සිටියදි පොල්ගොල්ල ජලාශයේ ජලය ගඟට මුදාහැර ඇති අතර එහිදි ඔවුන් ජල පහරට හසුවී තිබේ

42.31%
17.27%
32.76%