September 26, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ නායකත්වයෙන් එක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස නව මැතිවරණ සන්ධානයකට එක්වී ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, විශේෂයෙන් නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළත් වේ.

සන්ධානය පිහිටුවීම පිළිබඳ සුබවාදී අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රකාශ කර තිබුණේ, “ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දුන් විපක්ෂ කණ්ඩායම් මහ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට එකට එකතුවෙනවා” යනුවෙනි.

මැතිවරණ සටනේදී තම ස්ථාවරය ශක්තිමත් කරගැනීම සඳහා මෙම කණ්ඩායම් අතර එකමුතුවේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ අනෙකුත් සුළු පක්ෂවල සහාය ලබාගැනීමේ අරමුණින් සිදුකෙරෙන සාකච්ඡා ගැන සඳහන් කරමින් ඔහු තහවුරු කළේ එක්සත් ජාතික පක්ෂය ද එම සන්ධානයේ කොටසක් වන බවයි.

“මෙම කණ්ඩායම් අතර සහයෝගීතාව අපගේ අවස්ථාවන් ඉහළ නංවා අපගේ විරුද්ධවාදීන්ට බලවත් අභියෝගයක් ඉදිරිපත් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් ද ඔහු පවසා ඇත.

නව සන්ධානය අනුගමනය කරන සංකේතය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ලාන්සා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් සංකේත තුනක් සළකා බලමින් පවතින බව ඔහු සඳහන් කර ඇත.

“අපි කුසලානය, පුටුව, අලියා කියන ලකුණු ගැන අපේ අවධානය යොමු කර තිබෙනවා. කෙසේවෙතත්, එය තවමත් අවසන් තීරණය අරගෙන නැහැ, ” යැයි ඔහු සඳහන් කර තිබේ.

 

42.31%
17.27%
32.76%