42.31%
17.27%
32.76%
September 25, 2024

වයස අවුරුදු එකහමාරක් වයසැති තම දරුවා ඝාතනය කළ බව කියන කාන්තාවක් මහනුවර-ගලහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගලහ පොලිසිය පවසන්නේ, අදාළ කාන්තාව දරුවාගේ නාසය මිරිකා හුස්ම ගැනීම වළක්වාලමින් දරුවාගේ ගෙළ සිරකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන මහනුවර ගලහ 18 කණුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව සිය දරුවා සමඟ ගලහ-කස්තුරිවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ ඇයගේ සැමියා නිවසින් බැහැරව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

හදිසි කෝපයක් හේතුවෙන් සැකකාර කාන්තාව එලෙස සිය දරුවාගේ හුස්ම ගැනීම අවහිර කර ඇති බව ද වාර්තා වෙයි.

42.31%
17.27%
32.76%