42.31%
17.27%
32.76%
September 25, 2024

ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බවයි.

එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.

එහෙත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි.

ප්‍රතිශතයක් ලෙස භවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% කි.

එලෙස ඡන්දය ප්‍රතික්ෂේප වීමට හේතු වූ කරුණු කාරණා නිශ්චිතව හඳුනාගැනීමට මෙම විශ්ලේෂණයෙන් අනතුරුව තහවුරු කර ගත හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%