42.31%
17.27%
32.76%
September 24, 2024

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ පක්ෂ ප්‍රධානීන් අද දින නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු නැවත පක්ෂය සමග එක්වීමට ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වේ.

42.31%
17.27%
32.76%