42.31%
17.27%
32.76%
September 24, 2024

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ අපේක්ෂකයන් අවම වශයෙන් 12.5%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු වී ඇති බවයි.

2024 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රකාශය 79% ඉක්මවා තිබිණි.

2019 වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83%ක් වූ බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මීට අමතරව, මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 35කට අධික ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොතිබිණි.

42.31%
17.27%
32.76%