42.31%
17.27%
32.76%
September 24, 2024

මේ වන විට දේශපාලන සමාජයේ කතාබහට ලක්වන මෙම කාරණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

“කැබිනට් අමාත්‍යධුර දැරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වියයුතු නමුත් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීම අවශ්‍ය නොවන බව නීතිඥයකුවන හිටපු නියෝජ්‍ය කතානායකවරයකු / කැබිනට් අමාත්‍යවරයකුවෙතින් දැනගතිමි. එහෙයින් ලක්ෂ්මන් නිපුණආරච්චි අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන් පසු අදම වුවද පාර්ලිමේන්තුව විසිරුවිය හැකිය.

නාමයෝජනා කාලසීමාව, ඡන්ද විමසීම් දිනය ජනාධිපතිවරයාගේ විසුරුවා හැරීමේ නිවේදනයේ සඳහන් කළ යුතු අතර, ඡන්ද විමසීම විසුරුවාහැරීමේ දින සිට දින 52-66 අතර විය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කර ගත් පසු අමාත්‍යධුරයකට පත්කළ හැක්කේ එය විධායක තනතුරකට පත්කිරීමක් බැවිනි.

1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට පෙර සෙනෙට් මන්ත්‍රීවරයකු වුවද අමාත්‍යධුරයකට පත්කිරීමේ හැකියාවක් තිබුණි.

පර්ලිමේන්තුවේ දිවුරුම් දියයුත්තේ ව්‍යවස්ථා සම්පාදන් කාර්‍යයේ නිරතවීමට නිසා පාර්ලිමේන්තු නොගොස් (මන්ත්‍රීධුරය අහෝසි නොවන තෙක්) ඇමති ධුරය දැරිය හැක.”

42.31%
17.27%
32.76%