42.31%
17.27%
32.76%
September 24, 2024

ඉදිරි මැතිවරණ සහ දේශපාලන අභියෝගවලට මුහුණදීමේ අරමුණින් සියලු විරුද්ධ දේශපාලන පක්ෂ ඇතුළත් කරගනිමින් පුළුල් සන්ධානයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඊයේ (23) පැවැති නායකත්ව මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසිනි.

රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ඉදිරි මැතිවරණ සහ දේශපාලන ප්‍රවණතාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා නිර්මාණය කරන ඒකාබද්ධ විපක්ෂ සන්ධානයට එක්වන ලෙස සමගි ජන බලවේගය ඇතුළු විවිධ පක්ෂවලට ආරාධනා කරන ලෙසයි.

 

42.31%
17.27%
32.76%