42.31%
17.27%
32.76%
September 24, 2024

ඉකුත් ඔක්තෝම්බර් 07 වනදා හමාස් සංවිධානයට එල්ල කළ ප්‍රහාරය හමුවේ ගාසා යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ලෙබන්න දේශසීමාව ද උණුසුම් වී තිබේ.

ඒ, ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමෙන් අනතුරුවයි.

ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා කණ්ඩායම් ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊයේ දිනයේද ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබේ.

එහිදී ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා බලකොටුවලට ද ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ හමුවේ ළමුන් ඇතුළුව පුද්ගලයන් 100 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඊයේ දිනයේදී ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක 300 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බවයි.

සිය පාර්ශවය ද උතුරු ඊශ්‍රායලයේ ස්ථාන තුනක් ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සටන්කාමීන් පවසා තිබේ.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පිරිස 400 කට අධිකය.

කලාපීය යුද්ධයක් උත්සන්නවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාව දෙපාර්ශවයෙන්ම ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

42.31%
17.27%
32.76%