42.31%
17.27%
32.76%
September 24, 2024

අභිනවයෙන් තේරී පත් වූ වාමාංශික ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹදී දිවුරුම් දීමත් සමඟ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපාලයට ගොස් තිබේ.

නේපාලයේ khabarhub පුවත් සේවය මේ බව හෙළිකර ඇත.

එම වාර්තාවේ මෙසේ සඳහන් කර තිබේ.

2019 මැතිවරණයේදී සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබාගත් අනුර දිසානායකට මේ වන විට බහුතර බලයක් ලැබී තිබේ.

මේ අතර, වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පළාගිය රාජපක්ෂ භූතානයේ අගනුවර වන තිම්පු හරහා කත්මණ්ඩු නුවරට පැමිණියේය.

කත්මණ්ඩු නුවරදී රාජපක්ෂට සත්කාර කරන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රි විසිනි.

ඔහු සඳුදා උදෑසන ගොඩබෑමෙන් පසු ජම්සිඛෙල් හි මිවන්ත හෝටලයේ නැවතී සිටී.

75 හැවිරිදි රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පැමිණියේ KB 400 දරණ Druk Air ගුවන් යානයෙනි.

කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් බදාදා භාරත්පූර් වෙත යෑමට සැලසුම් කර ඇත.

චිට්වාන් හි දින තුනකට පසුව, ඔවුන් ලබන ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යෑමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතය.

වසර දෙකකට පෙර, ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය මධ්‍යයේ, රාජපක්ෂ හමුදා ගුවන් යානයකින් රටින් පිටව ගොස්, පළමුව මාලදිවයිනට ළඟා වූ අතර පසුව සිංගප්පූරුව හරහා තායිලන්තයට ගියේය.

රට බිඳවැටීමට ආසන්න වන විට, පුලුල් මහජන කෝපයෙන් පසුව ඔහු බලය අත්හැරියේය.

එම අවස්ථාවේදී ඔහු සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ හමුදා ගුවන් යානයකින් පිටත්ව ගිය අතර, පසුව තායිලන්තයේ සිට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත්කළේය.

රාජපක්ෂට සත්කාර කරන නේපාල ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇත.

Sri Lanka’s former President Rajapaksa arrives in Kathmandu

42.31%
17.27%
32.76%